Friday, April 26, 2024

General line - 0115112241

මෙරට 11 වන කොරොනා මරණය ලෙස මියගිය පුද්ගලයා ගැන සියල්ල හෙළිවේ




නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ශී‍්‍ර ලංකාවෙන් වාර්තා වූ 11 වන මරණය අද වාර්තා වුණා. 

අද අළුයම 2.30 ට පමණ මෙලෙස ජීවිතක්‍ෂයට පත්වූයේ හෝමාගම මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක්. සෞඛ්‍ය සේවා අධක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප‍්‍රකාශ කළේ ජීවිතක්‍ෂයට පත් වූ වයස අවුරුදු 45 ක් වු මෙම පුද්ගලයා කුවේට්හි සිට මෙරටට පැමිණි අයෙකු බවයි. 

ඔහු දින 3 ක් හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියා. මෙම පුද්ගලයා මෙරටට පැමිණ ඇත්තේ ඉකුත් 20 වනදායි. ඉකුත් 23 වනදා සිදුකළ පී සී ආර් පරීක්‍ෂණයෙන් ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. 

ඔහු හෝමාගම රෝහලට ඇතුළත් කරන්නේ ඉකුත් 26 වනදායි. මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. හෝමාගම රෝහලේ ජේ්‍යෂ්ඨ ප‍්‍රකාශකයෙක් සදහන් කළේ කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 102 දෙනෙකු මේ වනවිටත් රෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි. 

මේ අතර ශී‍්‍ර ලාංකිකයින් 522 දෙනෙකු විදේශයන්හි සිට කොරෝනා වෛරසය ආසාදිතව මේ දක්වා මෙරටට පැමිණ ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. 

කුවෙට් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇති සංඛ්‍යාව 466 දෙනෙක්. ඉන් 333 දෙනෙකුම කොරෝනා වෛරසය ආසාදිතව මෙරටට පැමිණ තිබෙනවා. කටාර් රාජ්‍යයේ සිට පැමිණි 270 දෙනාගෙන් 150 දෙනෙකුම කොරෝනා වෛරසය ආසාදිතයින්.

මේ අතර ගතවූ පැය 24 තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ නාවික හමුදා සෙබළුන් සිව් දෙනෙකුද හදුනාගෙන ඇති බවයි හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් චන්දන වික‍්‍රමසිංහ පැවසුවේ.

ති‍්‍රවිධ හමුදාව භාරයේ මේ වනවිට කි‍්‍රයාත්මක නිරෝධායන මධ්‍යස්ථාන 44 ක් තුළ පුද්ගලයින් 5,100 කට අධික පිරිසක් තවදුරටත් නිරෝධායනය වෙමින් ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මේ වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1633 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට පුද්ගලයින් 821 දෙනෙකු තවදුරටත් ප‍්‍රතිකාර ලබමින් සිටින අතර පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාවද 801 ක් දක්වා ඉහළ ගියා.