Wednesday, May 8, 2024

General line - 0115112241

කොවිඞ් 19 නිසා ජපානයේ සුප‍්‍රකට සංගීත සැණකෙළියක් ද අවලංගු කෙරේ




ජපානයේ සුප‍්‍රකට සංගීත සැණකෙළියක් වන ෆූජි රොක් සංගීත සැණකෙළිය අවලංගු කර තිබෙනවා. වාර්ෂිකව පැවැත්වෙන මෙම සංගීත සැණකෙළිය සඳහා මෙවර දින නියම කර තිබුණේ අගෝස්තු මස 21 වනදා සිට 23 වනදා දක්වායි. එහෙත් මෙම වසරේ දී සැණකෙළිය නොපවත්වන බවත් ලබන වසරේ අගෝස්තු මස 21 වනදා සිට 23 වනදා දක්වා සැණකෙළිය පවත්වන බවත් සංවිධායකයින් දැනුම් දී තිබෙනවා.

ෆූජි රොක් සංගීත සැණකෙළිය වෙනුවෙන් නිකුත් කර තිබූ ප‍්‍රවේශපත‍්‍ර බොහෝමයක් මේ වන විටත් අලෙවි වී අවසන් බවයි විදෙස් වාර්තා පවසන්නේ. එලෙස අලෙවි වූ ප‍්‍රවේශ පත‍්‍ර සඳහා මුදල් ආපසු ගෙවීමටද සංවිධායකයන් තීරණය කර තිබෙනවා. එසේ නොමැති වුවහොත් එම ප‍්‍රවේශපත‍්‍රම ලබන වසරේ පැවැත්වෙන සැණකෙළිය සඳහා වලංගු ලෙස සැලකීමට තවත් යෝජනාවක් ද සලකා බලන බවයි සංවිධායකයන් වැඩි දුරටත් පැවසුවේ. 

ෆූජි රොක් සංගීත සැණකෙළිය මෙලෙස අවලංගු කිරීමට ජපානය තීරණය කර ඇත්තේ පවතින කොවිඞ් 19 වසංගතය සැලකිල්ලට ගනිමින්. නව කොරෝනා ආසාදිතයන් 16,911 දෙනෙකු මේ දක්වා එරටින් හමුවී තිබෙනවා.