Friday, April 26, 2024

General line - 0115112241

පැතිර යන අසත්‍ය පුවතකට කබ්රාල්ගෙන් පිළිතුරු




2006 වසරේදී අමෙරිකා එක්සත් ජනපදය සමග ශ‍්‍රී ලංකාවට අහිතකර එම් සී සී ගිවිසුමක් පිළිබද තමාගේ නායකත්වය යටතේ සාකච්ඡා වූ බවට පළ වන වාර්තාවන්ට එවකට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් ප‍්‍රතිචාර දක්වා තිබෙනවා. 

ඔහු පවසන්නේ 2004 වසරේදී එම්සීසී හරහා අමෙරිකාව ශ‍්‍රී ලංකාවට ආධාර ලබාදීමට අදහස් කර තිබුණද එම ආධාර යටතේ කුමන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කළ යුතුද යන්න පිළිබද පමණක් 2006 දී සාකච්ඡා කළ බවයි. 

කෙසේවෙතත් 2006 දී සාකච්ඡා වූවායැයි පැවසෙන ආධාර අංශ, 2019 දී යහපාලන රජය එකඟ වූ ආධාර අංශ වලට වඩා හාත්පසින්ම වෙනස් බවයි එවකට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් පවසන්නේ. 

එමෙන්ම, 2006 දී එම්සීසී ගිවිසුමට අදාල කොන්දේසි පිළිබඳ සාකච්ඡා නොකළ බවද ඔහු අවධාරණය කරනවා. 

අජිත් නිවාඞ් කබ්රාල් වැඩිදුරටත් පවසා ඇත්තේ එවකට මහින්ද රාජපක්ෂ රජය රටට අහිතකර හෝ අවදානමක් මතු කරන කිසිදු කොන්දේසියකට එකඟ වීමට අදහස් නොකළ බවයි.