Friday, April 26, 2024

General line - 0115112241

පාතාලය මඩින පොලීසියේ විශේෂ මෙහෙයුම අඛණ්ඩව - වැල්ලේ සුරංගගේ ගෝලයාත් කොටු




සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් සොයා ප‍්‍රදේශ රැසක තවදුරටත් මෙහෙයුම් කි‍්‍රයාත්මකයි. 

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික වැල්ලේ සුරංගගේ සමීපතම ගෝලයෙක් වන සුරාජ් නිමන්ත නොහොත් නිමේෂ් අද උදෑසන අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මෝදර පොලිසිය විසින්. 

ඒ, හෙරොයින් ග‍්‍රෑම් එකයි මිලි ග‍්‍රෑම් 150 ක් සමගයි. කප්පම් ගැනීම්වලට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික බැරල් සංඛගේ ගෝලයෝ දෙදෙනෙක්ද හෙරොයින් ග‍්‍රෑම් 04 යි මිලිග‍්‍රෑම් 500 ක් සමග පෑලියගොඩදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන තවත් පුද්ගලයෙකු අවිස්සාවේල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ තියුණු ආයුධ දෙකක් සහ යුද හමුදා නිල ඇදුම් කට්ටලයක් ද සමගයි. තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සීතාවක පොඞ්ඩාගේ සමීපතමයන් දෙදෙනෙකු අවිස්සාවේල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීම් දෙකකදීයි.