Saturday, April 27, 2024

General line - 0115112241

කොරෝනා වසංගතයට වඩා මිනිස් ජීවිත අහිමි වන වසංගතයක් පිළිබඳ හෙළිදරව්වක්




නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී දිනකදී මියයන පුද්ගලයින් ගණනට වඩා වැඩි ගණනක් එම වෛරසය නිසා ඇතිවන සාගින්න හේතුවෙන් ඉදිරියේදී මියයනු ඇතැයි ජාත්‍යන්තර සංවිධානයක් අනාවරණ කරනවා. 

ඔක්ස්ෆෑම් නම් එම සංවිධානය පවසන්නේ නව්‍ය කොරෝනා වෛරසයෙන් එල්ල වන බලපෑම හමුවේ ලොව පුරා සිටින දිළිදු වැසියන් මිලියන ගණනක් සාගතයකට මුහුණ දෙනු ඇති බවයි. 

ඒ අනුව සාගතය හේතුවෙන් දිනකට පුද්ගලයින් 12,000 ක් පමණ මියයනු ඇති බවයි එම සංවිධානය අනතුරු අඟවන්නේ. එම සංඛ්‍යාව මෙතෙක් දිනක් තුළ වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව ද අභිභවා යනු ඇතැයි ඔවුන් සඳහන් කරනවා. 

මේ අතර ඔක්ස්ෆෑම් සංවිධානය විසින් එලෙස සාගත අවධානමට මුහුණ පාමින් සිටින රටවල් ලැයිස්තුවක් ද සකසා ඇති අතර එහි පෙරමුණේ පසුවන්නේ යේමනය, ඇෆ්ගනිස්තානය, සිරියාව සහ දකුණු සුඩානයයි. 

ඊට අමතරව ඉන්දියාව, දකුණු අප‍්‍රිකාව සහ බ‍්‍රසීලය වැනි රටවල් ද දරුණු සාගතයකට අත වනමින් සිටින බව එම සංවිධානය පෙන්වා දුන්නා. නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග රටවල් රැුසක් මුහුණ පා සිටින රැකියා වියුක්තිය, ආදායම පහළ යාම, ආහාර නිෂ්පාදනය අඩුවීම සහ මානුෂීය ආධාර ද පහත වැටීම මෙලෙස සාගතය ඉහළ යාමට හේතුවී ඇති බව සඳහන්.