Friday, April 26, 2024

General line - 0115112241

ගතවූ පැය විසි හතරට මැතිවරණ කොමිසමට පැමිණිලි 170ක්




අද පස්වරු 4 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම පිළිබඳ පැමිණිලි 170 ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිසම පවසනවා. 

ඒ අනුව මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 3,210 ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ. 

අදාළ පැමිණිලිවලින් 739 ක් ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී ඇති අතර  පැමිණිලි 2,471 ක් ලැබී ඇත්තේ දිස්ති‍්‍රක් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථාන වෙතයි.