Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රීලනිප මන්ත්‍රි කණ්ඩායමේ තීරණය කියයි




ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉදිරි වැඩපිළිවෙලට සහය ලබා දීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත‍්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා.

ඒ, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් එම මන්ත‍්‍රී කණ්ඩායම අද (09) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේදීයි.

එම රැස්වීමෙන් අනතුරුව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කරමින් ඒ බව සඳහන් කළා.