Friday, April 26, 2024

General line - 0115112241

වසර දෙකක් තුළ ස්වභාවික වායු බලාගාර දෙකක්




වසර විස්සක් සදහා වූ ජනන සැලැස්මක් ඉදිරියේදී සකස් කරන බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා. ඉකුත් කාලසීමාවේදී සිදුවූ විදුලි මාෆියාවට ඒ හරහා තිත තැබිය හැකි බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඉදිරියේදී මෙරට බලශක්ති අර්බුදයක් ඇති නොවන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

පෞද්ගලික විදුලි සමාගම් කිහිපයක නිරීක්‍ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මාධ්‍ය හමුවේ මෙම අදහස් පළා.