Thursday, October 22, 2020

General line - 0115112241

මංතීරු නීතිය ගාල්ලටත්

1745Views


 


කොළඹ නගරයට සමගාමීව ගාල්ල නගරයේද මංතීරු නීතිය පිළිබද  රියදුරන් දැනුවත් කිරිමට ගාල්ල රථවාහන පොලිසිය කටයුතු කර තිබෙනවා. ගාල්ල - කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ගාල්ල බස් නැවැතුම්පොළේ සිට මහමෝදර රෝහල දක්වා වු කොටසේ මංතීරු නීිතිය පිළිබද මෙහිදී රියදුරන් දැනුවත් කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අද උදෑසන 6.00 සිට 9.00 දක්වා සහ පස්වරු 4.00 සිට රාතී‍්‍ර 7.00 දක්වා කාලය තුල මෙම මාර්ගයේ ගමන් කරන රථවාහන රියදුරන්ට මංතීරු නීතිය පිළිබද සතියක කාලයක් දැනුවත් කිරිමටයි ගාල්ල රථවාහන පොලිසිය තීරණය කර ඇත්තේ. යතුරුපැදි, තී‍්‍රරෝද රථ, බස් රථ, ලොරි රථ, මාර්ගයේ වම්පසින් ගමන් කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here