Friday, April 26, 2024

General line - 0115112241

විවිධ අවාසනාවන්ත සිද්ධිවලට ගොදුරු විය හැකි දරුවන් සිටින නිවාස සොයා රටපුරා සමීක්ෂණයක්




අපයෝජනයට හෝ අනතුරකට භාජනය වීමේ අවධානම් සහිත දරුවන් සිටින නිවාස සොයා දීපව්‍යාප්ත සමීක්ෂණකයක් ආරම්භ කර තිබෙනවා.

දරුවන් ගොදුරු බවට පත්වීමේ වැඩි ඉඩක් ඇති නිවාස සහ ස්ථාන සිතියම් ගත කිරීම මෙහි අරමුණයි. එම කටයුතු සිදුකරන්නේ ඉහළ තාක්ෂණික ක්‍රම අනුගමනය කරමින් බවයි කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප‍්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කුමාරි ජයසේකර ප‍්‍රකාශ කළේ.

ඒ, ඊයේ (29) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට වැඩසටහනට එක්වෙමින්. 

දරුවන් රඳවා සිටින ළමා නිවාස ආශි‍්‍රතව සිදුවන අකටයුතුකම් සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

එවැනි සිද්ධීන් අධීක්ෂණය ක‍්‍රමවේද 02 ක් යටතේ සිදුවන බවයි වැඩසටහනට එක්වූ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් චන්දිමා සිගේරා සඳහන් කළේ. 

(එම සම්පූර්ණ වැඩසටහන තවත් සුළු වේලාවකින් පසු පහතින් බලාපොරොත්තුවන්න)