Friday, December 4, 2020

General line - 0115112241

ඊයේ දිනයේදීත් වැඩිම කොරෝනා ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන්

3625Views


 


ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 457 දෙනා ගෙන් බහුතරයක් එනම් ආසාදිතයින් 220 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

මිට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 183 දෙනෙක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 16ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 02ක්, හම්බන්තොට 02ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 05ක්, මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් 01ක් ආසාදිතයා බැගින් වාර්තා වනවා.

මිට අමතරව නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 10ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් 05ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 03ක් වාර්තා වේ.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here