Friday, April 26, 2024

General line - 0115112241

LPL තරගාවලියට පැමිණි සොහයිල් තන්වීර්ට කොරෝනා




ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියට ක‍්‍රීඩා කිරීම සදහා දිවයිනට පැමිණි පාකිස්ථාන වේග පන්දු යවන ක‍්‍රීඩක සොහයිල් තන්වීර්ට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි වාර්තා වනවා. ඔහු මෙවර තරගාවලියේදී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.

තන්වීර් ඊයේ දිනයේදී ශ‍්‍රී ලංකාවට පැමිණ ඇති අතර, එල්.පී.එල් තරගාවලිය සදහා පැමිණි ක‍්‍රීඩකයින් අතරින් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හ`දුනා ගැණුනු දෙවැනි විදෙස් ක‍්‍රීඩකයා වන්නේ ඔහුයි. කලම්බු කිංග්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටින කැනඩා ක‍්‍රීඩක රවීන්ද්‍රපාල් 
සිං ද කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බවට මීට පෙර හදුනා ගැණුනා.

කෙසේ වෙතත්, රවීන්ද්‍රපාල් සිං සමග එකම ගුවන් යානයේ සහ බස් රථයේ පැමිණි ඇන්ඩි‍්‍ර රසල් ඇතුළු සෙසු ක‍්‍රීඩකයින්ට මේ තුළින් බලපෑමක් එල්ල වී නොමැති බවයි තරගාවලියේ සංවිධායකයින් සදහන් කර ඇත්තේ.
මේ අතර, ලංකා ප‍්‍රීමියර් ලීග් කි‍්‍රකට් තර`ගාවලියේ තේමා ගීතය එළි දැක්වීම අද කොළඹදී සිදු කෙරුණා.