Friday, April 26, 2024

General line - 0115112241

පී සී ආර් පරීක්ෂණවලට පෙනී සිටින්නන් නොමග යවන කණ්ඩායමක් සොයා පොලිස් මෙහෙයුමක්




පී සී ආර් පරීක්‍ෂණ සදහා යොමු නොවන්නැයි හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල ජනතාව නොමග යවන පිරිසක් පිළිබද පොලීසිය විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ හතර දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.

පී සී ආර් පරීක්‍ෂණ සදහා යොමු නොවන පිරිස් සම්බන්ධයෙන්ද නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

මේ අතර ඊයේ දිනය තුළ පමණක් මෙරට පී සී ආර් පරීක්‍ෂණ 13,286 ක් සිදුකළ බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මාධ්‍යස්ථානය සදහන් කළා.