Friday, April 26, 2024

General line - 0115112241

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් සිව්දෙනෙකු ගොඩනැගිල්ලක වහලය මතට නගී

ටෝනි කරුණානායක




නඩු කටයුතු ඉක්මන් කරන ලෙසත් ඇප ලබා දීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා මීගමුව බන්ධනාගාර රැදවියන් 
සිව් දෙනෙකු අද (30) පස්වරුවේ මීගමුව බන්ධනාගාර ගොඩනැගිල්ලක් මතට නැගී උද්ඝෝෂණයේ නිරත වන 
බව මීගමුව පොලිසිය පවසනවා.

හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන එම රැදවියන් සිව් දෙදෙනාගේ නොසන්සුන් කාරි තත්ත්වයට ආධාර අනුබල දීමේ චෝදනා සම්බන්ධයෙන් එක් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව ද මීගමුව පොලිසිය වැඩ්දුරටත් සදහන් කලේ.

තත්ත්වය පාලනය කිරිම සදහා පොලිස් නිලධාරීන් යොදවා ඇති බවයි මීගමුව පොලිස් අධිකාරි කාර්‍ය්ලය සඳහන් කරන්නේ.