Friday, April 26, 2024

General line - 0115112241

බන්ධනාගාර ආරක්ෂාව දැඩි කෙරේ




සියළු බන්ධනාගාර වල ආරක්ෂාව දැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ, මහර බන්ධනාගාරයේ පෙරේදා ඇතිවූ නොසන්සුන් තත්ත්වයෙන් පසුවයි. ඒ අනුව පොලීසිය මෙන්ම බන්ධනාගාර නිළධාරීන්ගෙන් සමන්විතව මෙම ආරක්ෂක වැඩපිළිවෙල කි‍්‍රයාවට නංවනු ඇති.

මේ අතර, බොහෝ බන්ධනාගාරවල දැඩි තදබදයක් පවතිනවා. නොසන්සුන් තත්ත්වය ඇති වූ මහර බන්ධනාගාරයේ පමණක් මෙම තත්ත්වය කැපී පෙනෙන ලෙස දැක ගත හැකි බවයි වාර්තා වන්නේ. මහර බන්ධනාගාරයේ රඳවිය හැකි මුළු රැඳවියන් සංඛ්‍යාව 800ක්. එහෙත් මේ වන විට රැු`දවියන් 3100ක් එම බන්ධනාගාරයේ ර`දවා සිටින බවයි නෙත් නිවුස් කල සොයා බැලීමකදී අනාවරණය වුණේ. 

රැඳවියන් අතර ඇතිවූ නොසන්සුන් තත්ත්වයේදී දරුණු හානියක් මහර බන්ධනාගාරයට සිදු වීමට හේතුවද මෙම තත්ත්වය බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කලා.