Friday, April 26, 2024

General line - 0115112241

LPL තරගාවලියේ තවත් තරග දෙකක් අද




ලංකා පී‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ තවත් තරග දෙකක් හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී අද පැවැත්වෙනවා. එක් තරගයක් අද පස්වරු 3.30 ට ආරම්භ වන්නේ ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන කලම්බෝ කිංග්ස් සහ දසුන් ශානක නායකත්වය දරන දඹුල්ල වයිකින්ග් කණ්ඩායම් අතරයි. අනෙක් තරගය කුසල් ජනිත් නායකත්වය දරන කැන්ඩි ටස්කර්ස් සහ තිසර පෙරේරා නායකත්වය දරන ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතර පැවැත්වෙනවා. එම තරගය අද රාති‍්‍ර 8 ට ආරම්භ වීමට නියමිතයි. 

මේ අතර තිසර පෙරේරා නායකත්වය දරන ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම  සහ ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන කලම්බෝ කිංග්ස් කණ්ඩායම තමන් සහභාගි වූ තරග දෙකම ජය ගනිමින් ප‍්‍රසාද ලකුණු සටහනේ පිළිවෙළින් පළමු සහ දෙවන ස්ථානවල පසුවනවා.

කුසල් ජනිත් පෙරේරා නායකත්වය දරන කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම ප‍්‍රසාද ලකුණු සටහනේ පසුවන්නේ 3 වන ස්ථානයේයි. දසුන් ශානක නායකත්වය දරන දඹුල්ල වයිකින් කණ්ඩායම එම සටහනේ සිවුවන ස්ථානයේ පසුවනවා. ශහීඕ අෆ්රිඩි නායකත්වය දරන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ප‍්‍රසාද ලකුණු සටහනේ පස්වන ස්ථානයේ පසුවන්නේ තමන් මේ දක්වා  සහභාගි වූ තරග 3 ම පරාජයට පත්වෙමින්. 

ඒ අනුව අවසන් පූර්ව වටය පිළිබද බලාපොරොත්තු රදවා ගැනීමට නම් ගෝ්ල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට තරගාවලියේ ඉදිරි තරග තීරණාත්මක වී තිබෙනවා. ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා පළමු සිවුදෙනා අවසන් පූර්ව වටය සුදුසුකම් ලබනු ඇති. 
මේ අතර සදීර සමරවික‍්‍රම දඹුල්ල වයිකින් කණ්ඩායමට කැදවා තිබෙනවා.  

ඕෂධ ප‍්‍රනාන්දු ආබාධයකට ලක්වීමත් සමග එම කණ්ඩායමට පිිතිකරුවෙකුගේ අඩුපාඩුවක් පැවැති අතර ඊට ආදේශකයක් ලෙසයි සදීර සමරවික‍්‍ර‍්‍රම දඹුල්ල වයිකින්ග් කණ්ඩායමට කැදවා ඇත්තේ. කාර්ලෝස් බ‍්‍රැත්වෙයිට්, ෙඬ්විඕ මිලර්, කම්රන් අක්මාල් සහ ලෙන්ඕල් සිමන්ස් යන කී‍්‍රඩකයින් දඹුල්ල වයිකින්ග් කණ්ඩායමට එක්වීමට නියමිතව සිටිය ද පසුව ඔවුන් ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියට එක් නොවන බව ප‍්‍රකාශයට පත් කළා. මේ සමග දඹුල්ල වයිකින්ග් කණ්ඩායමට පිතිකරුවන්ගේ අඩුවක් ඇති බවයි කි‍්‍රකට් විචාරකයින් පවසන්නේ.