Friday, April 26, 2024

General line - 0115112241

මහර බන්ධනාගාර ගැටුම සොයා බැලීම සම්බන්ධයෙන් පත් කළ කමිටුව අද රැස්වේ




මහර බන්ධනාගාරයේ ඉකුත්දා ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අධිකරණ අමාත්‍යවරයා විසින් පත් කළ විමර්ශන කමිටුව, අද රැස්වීමට නියමිතව තිබෙනවා. 

ඒ, එම කමිටුවේ සභාපති විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධනගේ ප‍්‍රධානත්වයෙන්. ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් - පාලන, රෝහණ හපුගස්වත්ත, හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ජයසිංහ සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලින්ද රණවීර එහි සෙසු සාමාජිකයින් වනවා. 

බන්ධනාගාර ගැටුමට හේතු වූ කරුණු සහ ගත යුතු කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සහ සතියක් ඇතුළත කෙටි කාලීනව ගතයුතු කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම එම කමිටුවට පවරා තිබෙනවා.