Friday, April 26, 2024

General line - 0115112241

උපරිමාධිකරණ සංකීර්ණයේ හටගත් ගින්න නිසා නඩු විභාගත් ප‍්‍රමාද වෙයි




අලූත්කඬේ උපරිමාධිකරණ සංකීර්ණයේ ඊයේ පස්වරුවේ හටගත් ගින්න හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු විභාග සඳහා බාධා එල්ල වී තිබෙනවා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකෙරෙන බැවින් අද දිනයේ මේ දක්වා කාලය තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු කටයුතු විභාග කිරීම සිදුනොවූ බවයි අධිකරණ අමාත්‍යංශයේ ලේකම් පි‍්‍රයන්ත මායාදුන්නේ පැවසුවේ. 

මේ අතර අද උදෑසන ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් බැලූම්ගල අන්තිම සටන වැඩසටහනට සහභාගී වූ අධිකරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා ද ඊයේ ඇතිවූ ගින්න සම්බන්ධයෙන් අදහස් පළ කළා. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධිකරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා. 

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් උපරිමාධිකරණ සංකීර්ණයේ නඩත්තු හා ආරක්ෂක අංශවල සේවකයින් කිහිපදෙනෙකුගෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ ලබාගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ.