Friday, April 26, 2024

General line - 0115112241

මාස 06 ක් තුළ මිලියන 300 කට කොවිඞ් මඩින එන්නත් ලබාදීමට ඉන්දියාවෙන් සැලසුම්




ඉන්දියාවේ නිපදවන ලද කොවිඞ් මර්දන එන්නත් වෙනත් රටවල් වෙත අපනයන කිරීම දෙසතියක් තුළ ආරම්භ කරන බව එරට විදේශ අමාත්‍යාංශය ප‍්‍රකාශ කර තිබෙනවා. දේශීය ඉල්ලූම සපුරාලීමේ අරමුණින්, එම එන්නත් අපනයනය තහනම් කර ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බවයි ඉන්දීය විදේශ අමාත්‍යාංශය ප‍්‍රකාශ කර ඇත්තේ. 

ලොව පුරා නිපදවන කොවිඞ් මර්දන එන්නත් අතරින් සියට 60 ක්ම නිපදවනු ලබන්නේ ඉන්දියාවයි. එම එන්නත් සිය රටවලට ආනයනය කරගැනීමට බොහෝ රටවල් අපේක්ෂාවෙන් පසුවන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. 

ඉන්දියාවේ නිපදවන ලද කොවිෂීල්ඞ් සහ කොවැක්සීන් එන්නත් මහජන හදිසි භාවිතය සඳහා යොදාගැනීමට එරට අනුමැතිය හිමි වූයේ පසුගිය 03 වනදායි. ලබන ජූලි මාසය වන විට පුද්ගලයින් මිලියන 300 කට අධික පිරිසකට කොවිඞ් මර්දන එන්නත් ලබා දීමට ඉන්දියාව සැලසුම් කර තිබෙනවා.