Friday, April 26, 2024

General line - 0115112241

පකිස්තානුවන් පිරිසකට ඉන්දියාවේ පුරවැසිකම




මීට දශක හතකට පෙර ඉන්දියාව  බෙදා වෙන් කිරීමේදී බටහිර පකිස්තානයේ සිට  පැමිණ මෙතෙක් සරණාගතයන් ලෙස ජීවත් වූ පිරිසකට  පුරවැසිභාවය ලබාදීමට ඉන්දියාව පියවර ගෙන තිබේ.

අදාළ බෙදා වෙන් කිරීමේදී දෙරට අතර සරණාගතයන් ගලායාමක් සිදුවූ අතර එහිදී ඔවුනට තමන් තෝරාගත් රටේ පුරවැසිභාවයද හිමිවිය.

එහෙත් පකිස්තානයේ සිට පැමිණ ජීවත්වීම සදහා ඉන්දියාවේ ජම්මු කාශ්මීර ප්‍රාන්තය තෝරාගත් දහස් ගණනක පිරිසකට පමණක් පුරවැසිභාවය හිමිනොවීය.

ඒ ජම්මු කාශ්මීර ප්‍රාන්තයට ඉන්දියාවේ නීතියෙන්ම සුවිශේෂී ,වෙනස් පරිපාලනමය තත්වයක් හිමිකරදී තිබීම හේතුවෙනි.

කෙසේවෙතත් අග්‍රාමාත්‍ය න⁣රේන්ද්‍ර මෝදිගේ රජය පසුගිය වසරේදී එම තත්වය අහෝසි කිරීමත් සමගම මෙම පිරිසට වසර හෑත්තෑවකට පසු ඉන්දීය පුරවැසිභාවය හිමිව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.