Friday, April 26, 2024

General line - 0115112241

කි‍්‍රකට් ලොව දිනූ කෝලි, පිය පදවියේ කිරුළත් දිනයි




කි‍්‍රකට් ලොව සුපිරිතම කී‍්‍රඩකයෙකු වන ඉන්දීය කි‍්‍රකට් නායක විරාත් කෝලි, ජීවිතයේ තවත් සුවිශේෂී කඩඉමක් අද පසුකර ගියා. ඒ, පිය පදවිය ලබමින්. ඔහු විවාහ වි සිටින ජනපි‍්‍රය බොලිවුඞ් නිළි අනුෂ්කා ශර්මා, දියණියකට උපත දුන් බව නිල ප‍්‍රකාශයක් සිදුකරමින් විරාත් කෝලි අද පැවසුවා. 

ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායමට නායකත්වය දෙමින් ඔහු ඉකුත් දා ඔස්ටේ‍්‍රලියාවේ තරග සංචාරයට එක්වූ අතර තවත් තරග 02 ක් ඉතිරිව තිබියදී පළමු තරගයෙන් පසු කෝලි පෙරළා ඉන්දියාවට පැමිණියා. ඒ, සිය බිරිඳගේ පළමු දරු ප‍්‍රසූතිය වෙනුවෙන්.

2017 වසරේ විවාහ දිවියට එළඹෙන කෝලි, අනුෂ්කා යුවළ තමන්ට දරුවෙකු ලැබීමට සිටින බව ඉකුත් වසරේ අගෝස්තු මාසයේදී නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කළා. 

මේ අතර පරාජයේ අවදානම් අඩියක සිටි ඔස්ටේ‍්‍රලියාවට එරෙහි 03 වන ටෙස්ට් කි‍්‍රකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත්වුණා.