Friday, April 26, 2024

General line - 0115112241

විවාදයක් නැහැ, ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය හිමිවිය යුත්තේ රනිල් වික්‍රමසිංහටයි - හිටපු අමාත්‍ය වජිර කියයි




එක්සත් ජාතික පක්ෂයට හිමිවූ පාර්ලිමේන්තු ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූරයට පත් කළ යුත්තේ පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා බවට විවාදයක් නොමැති බව පක්ෂ සභාපති වජිර අබේවර්ධන පවසනවා. ඒ, අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. 

ඉකුත් දා පැවැති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට හිමිවූයේ එක් ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධූරයක් පමණයි. එහෙත්, එම මන්තී‍්‍ර ධූරයට මේවනතෙක් සුදුස්සෙකු පත් කර නැහැ.