Friday, April 26, 2024

General line - 0115112241

ශිෂ්‍යත්ව සමතුන්ට අභියාචනා ඉදිරිපත් කිරීමට මසක කාලයක්




05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ මෙවර පාසැල් කඩඉම් ලකුණු ක‍්‍රමවේදයට විරෝධය පළ කරමින් මව්පියන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අද විරෝධතාවක නිරත වුණා. ඔවුන් පවසන්නේ ශිෂ්‍යත්ව විභාගයෙන් ජනප‍්‍රිය පාසැල් සඳහා ඇතුළත් කර ගන්නා කඩඉම් ලකුණු මට්ටම මෙවර ඉතා ඉහළ බවයි. එබැවින් තම දරුවන්ට ජනපි‍්‍රය පාසැලක් වෙත ඇතුළත් වීමට තිබූ අවස්ථාව ඇහිරී ගොස් ඇති බව මව්පියන් පවසනවා. 

මෙම ගැටළුව සම්බන්ධයෙන් නෙත් නිවුස් අද උදෑසන 06.25 ප‍්‍රධාන ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයෙන් ද කරුණු අනාවරණ කළ අතර ගුරු සංගම් ද පවසන්නේ මෙවර ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු අසාධාරණ බවයි. 

අධ්‍යාපන අමාත්‍යංශත්‍ය් ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කළේ මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිපල අනුව ජාතික පාසැල්වලට ඇතුළත් වීම සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට ඔන්ලයින් ක‍්‍රමය ඔස්සේ මාසයක කාලයක් ලබාදෙන බවයි. 

මේ අතර අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළේ පාසැල් විවෘත කර දෙවන සතිය ආරම්භ වූ අද දරුවන්ගේ පාසැල් පැමිණීම ඉහළ මට්ටමක පවතින බවයි.