Friday, April 26, 2024

General line - 0115112241

හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි ස්වයං නිරෝධායනයට




සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි ස්වයං නිරෝධායනයට ලක්ව තිබෙනවා. ඒ, ඔවුන් කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරගේ ආශ්‍රිතයින් වීම හේතුවෙන්. 

ඒ අනුව සෞඛ්‍ය උපදෙස් මත ස්වයං නිරෝධායනයට යොමුවීමටයි ඔවුන් කටයුතු කර ඇත්තේ. හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි යන මන්ත්‍රීවරුන් අද පෙරවරුවේ පැවැති සමගි ජනබලවේගයේ පළමු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ද සහභාගී වී තිබුණා. 

මේ අතර වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා අවසන් වරට ඉකුත් 19 වනදා පාර්ලිමේන්තු රැස්වීමට ද සහභාගී වී ඇති බවයි නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ. 

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරගෙන් ආරම්භ වූ කොරෝනා ආසාදිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර 06 වැන්නා වූයේ වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයායි.