Friday, April 26, 2024

General line - 0115112241

දෙමළ රැඳවූවෝ 84ක් ආහාර වර්ජනයට එක්වෙති




කොළඹ මැගසින් බන්ධනාගාරයේ සහ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින දෙමළ රැඳවූවන් 84 දෙනෙකු ආහාර වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක, කොමසාරිස් තුෂාර උපුල්දෙණිය කියා සිටියේ මැගසින් බන්ධනාගාරයේ රැඳවූවන් 60 දෙනෙකු සහ අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවූවන් 24 දෙනෙකු එලෙස ආහාර වර්ජනයට එක්ව සිටින බවයි.

අද (08) උදෑසන ඔවුන්ට ආහාර ලෙස පොල් සම්බෝල සමග පාන් ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් ඔවුන් එම ආහාර ප‍්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

තමන්ට පවරා ඇති නඩු කඩිනමින් විභාග කරන ලෙසත් තමන්ට පොදු සමාවක් දෙන ලෙසත් ඉල්ලමින් මෙම රැඳවූවන් මෙලෙස ආහාර වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

………………………………………………………….

දෙමළ රැඳවූවන් පිරිසක් ආහාර වර්ජනයක

Aug 8, 2016 @ 07:13

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින දෙමළ රැඳවියන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් නීතිපතිවරයා සහ අධිකරණ අමාත්‍යංශය දැනුවත් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

එහි මාධ්‍ය ප‍්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය කියා සිටියේ දෙමළ රැඳවියන්ගේ ඉල්ලීම්වලට සිය දෙපාර්තමේන්තුවට විසඳුම් දිය නොහැකි බවයි.

අනුරාධපුර සහ කොළඹ මැගසින් බන්ධනාගාරයන්හි රඳවා සිටින දෙමළ රැඳවියන් අද (08) දිනයේ ආහාර වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතයි. ඒ, තමන්ට පවරා ඇති නඩු කඩිනමින් විභාග කරන ලෙසත් තමන්ට පොදු සමාවක් දෙන ලෙසත් ඉල්ලමින්.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින දෙමළ රැඳවූවන් සියයකට ආසන්න ප‍්‍රමාණයක් මෙලෙස ආහාර වර්ජනයේ නිරත වීමට නියමිතයි.