Friday, April 26, 2024

General line - 0115112241

දුම්රිය වර්ජනය ගැන තීරණාත්මක සාකච්ඡාවක් පෙරවරුවේ




ප්‍රවාහන අමාත්‍යවරයා සමග අද පෙරවරුවේ පැවැත්වෙන සාකච්ඡාවේදී යහපත් ප්‍රතිචාරයන් නොලැබුණ හොත්, ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹෙන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් ඉන්දික දොඩම්ගොඩ නෙත් නිවුස් වෙත පැවසුවේ ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ අද දිනයේ සාකච්ඡාවක් ලබාදීම හේතුවෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවයි. 

වෘත්තිීය සමති මෙලෙස වර්ජනයේ නිරත වීමට සූදානම් වූයේ අසාර්ථක ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කිරීම හා පරිපාලනයේ පවතින ගැටළු කිහිපයක් නිරාකරනය කරගැනීම මුල් කරගනිමින්. කෙසේවෙතත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පැවසුවේ ව්‍යාපෘති සම්බන්ධයෙන් එළඹ ඇති රාජතාන්ත්‍රික ගිවිසුම් වෙනස් කිරීම අපහසුවනු ඇති බවයි.