Friday, April 26, 2024

General line - 0115112241

ඇඹිලිපිටිය හිටපු ASPගේ වැඩ තහනම ඉවතට




ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී ඩී.ඩබ්ලිව්. චමින්ද ධර්මරත්නගේ වැඩ තහනම ඉවත් කර තිබෙනවා.

ජාතික පොලිස් කොමිසම පැවසුවේ ඒ අනුව ඔහු කි‍්‍රයාකාරී නොවන පොලිස් කොට්ඨාසයක සේවය කිරීම සඳහා අනුයුක්ත කර ඇති බවයි.

එහෙත් ඔහුට තනතුරක් හෝ උසස් වීමක් ලබා නොදීමට ද තීරණය කර තිබෙනවා. ඇඹිලිපිටියේ පැවති සාදයක් අතරතුර ඇති වූ ගැටුමකින් තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සහකාර පොලිස් අධිකාරී ඩී.ඩබ්ලිව්. චමින්ද ධර්මරත්න අත්අඩංගුවට ගැනුණා.

ඔහු මාස 4කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර ඉකුත් ජුනි මාසයේදී රුපියල් විසි දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදාහැරුණා.