Friday, April 26, 2024

General line - 0115112241

විදුලි සැපයුම් ලබාදීමේ වැඩපිළිවෙල මෙම වසර තුළ සම්පූර්ණ කරන බවට අගමැතිගෙන් ප්‍රකාශයක්




මෙම වසර අවසන් වනවිට මෙරට විදුලිය ලබාදීමේ වැඩපිළිවෙල සියයට සියයකින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කෙරවළපිටියේ ඉදි වන මෙරට පළමු ස්වභාවික ද්‍රව වායු විදුලි හෙවත් එල් එන් ජී බලාගාරයේ ඉදි කිරීම් ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එම බලාගාරයේ ඉදි කිරීම් ආරම්භ කරමින් මංගල පස් පිඩැල්ල කැපීම සිදු කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි. ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 350 ක් එක් කෙරෙන මෙම ව්‍යාපෘතියේ පළමු අදියරයේ කටයුතු මාස 21 ක් තුළ නිමා කිරීමට සැලසුම් කර තිබෙනවා. උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදහස් පල කළේ මෙලෙසයි. 

විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ද උත්සව සභාව ඇමතුවා.

මෙම බලාගාරය මගින් විදුලි ජනනය සඳහා වැය වන වියදම් වසරකට රුපියල් බිලියන 12 ක් ඉතිරි කරගත හැකි බවයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම එහිදී වැඩිදුරටත් කියා සිටියේ.