Wednesday, May 8, 2024

General line - 0115112241

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 500 ඉක්මවයි




මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව අද 500 ඉක්මවා ගියා. ඒ, තවත් කොරෝනා මරණ 05 ක් අද වාර්තාවීමත් සමගයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 502 ක්. මෙලෙස මියගිය පුද්ගලයින් අතරට කාන්තාවක් ද අයත්.

පල්ලෙකැලේ, නුගේගොඩ, බදුල්ල, මාතර හා කරවනැල්ල යන ප්‍රදේශවලින් එම පුද්ගල මරණ වාර්තා වී තිබෙනවා. කෙසේවෙතත්, මෙම මරණ අතරින් අද දිනයේ සිදුව ඇත්තේ මරණ 02 ක් පමණයි. ඉකුත් වසරේ දෙසැම්බර් 20 වනදා, පෙබරවාරි 25 වනදා සහ මාර්තු 02 වනදා යන දිනවල සෙසු මරණ සිදුව තිබුණා.