Friday, April 26, 2024

General line - 0115112241

තායිවානයේ උමගක් තුල දුම්රියක් පිලි පනියි : 36දෙනෙකු ජිවිතක්ෂයට




තායිවානයේ උමගක් තුල සිදුවූ දුම්රිය පිලි පැනීමකින් පුද්ගලයින් 34 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 72 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. 

එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා සඳහන් කරන අන්දමට එම අනතුරට ලක්වූ දුම්රියේ පුද්ගලයින් 350 දෙනෙකු ගමන් කර ඇති බවයි.

පිලි පැනීමට ලක්වූ දුම්රියේ පෙට්ටි 04ක් උමග තුල සිරවී ඇති බවත් සහන සේවකයින්ට එම ස්ථානය කරා ලඟා වීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

තායිවාන ජනාධිපති Tsai Ing-wen සඳහන් කර සිටින්නේ පුද්ගලයින් තවමත් දුම්රිය තුල සිරවී සිටින බවයි. එම පිරිස් මුදා ගැනීමට මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මක බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ.