Friday, April 26, 2024

General line - 0115112241

ක්‍රිකට් නිලවරණය තෙක් කළමණාකරණ කමිටුවක්




ක්‍රිකට් නිලවරණය පැවැත්වෙන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් 05 දෙනෙකුගෙන් යුත් කළමණාකරණ කමිටුවක් පත් කර තිබෙනවා. එහි සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ මහාචාර්ය අර්ජුන ද සිල්වායි. ඈෂ්ලි ද සිල්වා ලේකම්වරයා ලෙසත්, සුජීව මුදලිගේ භාණ්ඩාගාරික ලෙසත් පත් කර තිබෙනවා. නීතීඥ උචිත වික්‍රමසිංහ සහ අමල් එදිරිසූරිය කමිටුවේ සෙසු සාමාජිකයින්. 

මැයි මස 20 වන දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පවත්වන තෙක් අවශ්‍ය පරිපාලනමය සහ අනෙකුත් කටයුතු සිදු කිරීම සඳහා අප්‍රේල් මස 06 වනදා සිට මැයි මස 20 වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි අදාළ කමිටුව පත්කර තිබෙනවා.