Friday, April 26, 2024

General line - 0115112241

සාප්පු යද්දී කොරෝනා අමතක කරන්නෙපා - වෛද්‍යවරුන්ගෙන් සිහි කැඳවීමක්




අළුත් අවුරුද්ද උදාවට තවත් ඇත්තේ සතියක කාලයක්. මෙවර ද අළුත් අවුරුද්ද සැමරීමට සිදුව ඇත්තේ සෞඛ්‍ය ක්‍රමවේදයන් පිළිබඳව සැලකිලිමත් වෙමින්. අළුත් අවුරුද්ද සැමරීම සිදු කළ යුතු නමුත් සාප්පු සවාරි යාමේදී කොරෝනා වෛරසයේ ඇති අවදානම අමතක නොකළ යුතු බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

උදා වන අළුත් අවුරුද්ද නිරෝගිමත් අවුරුද්දක් කර ගැනීමට නම් සෞඛ්‍ය පුරුදු ද නිසි අයුරින් පවත්වාගත යුතු බවයි ශ්‍රි ලංකා හෝමියෝපති වෛද්‍ය සභාවේ උප සභාපති වෛද්‍ය බුද්ධික විට්ටහච්චි සඳහන් කළේ. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින්.

උදා වන අළුත් අවුරුද්ද නිරෝගී දිවියකට ආරම්භයක් කර ගත යුතු බවයි එම වැඩසටහනට එක්වූ රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පී හේවාගමගේ.