Friday, April 26, 2024

General line - 0115112241

තලවකැලේ නගරය මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන්ගේ හදිසි පරික්ෂාවට




එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් තලවකැලේ නගරයේ ආපන ශාලා, සිල්ලර සහ තොග වෙලදසැල් , ආහාර ද්‍රව්‍යය සහ පිසූ ආහාර අලෙවි කරන වෙලදසැල් රැසක් (07) දින මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන්ගේ හදිසි පරික්ෂාවකට ලක් කෙරුණා.

හැටන් කොටගල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් සහ තලවකැලේ ලිදුල නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් එක්ව මෙම හදිසි පරික්ෂාව සිදු කරනු ලැබුවා.

තලවකැලේ නගරයේ සිල්ලර සහ තොග වෙලදසැල් වල අලෙවි කිරිමට තිබු පොල් තෙල් සහ ෆාම් ඔයිල් පිලිබදව මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් දැඩි අවධානය යොමු කරනු ලැබුවා.

සිල්ලර වෙලදසැල් කිහිපයකම පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ අලෙවි කිරිමට තිබු අහාර ද්‍රව්‍යය රැසක් වෙලදසැල් හිමියාගේ ද කැමැත්ත ඇතුව භුමිතෙල් යොදා විනාශ කිරිමට, වැටලිමට සහභාගි වූ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු කරනු ලැබුවා.

අපිරිසිදු ආකාරයෙන් සහ සෞඛ්‍යය ආරක්ෂිත ක්‍රමවේද වලට පටහැනිව තලවකැලේ නගරයේ ආපනශාලා පවත්වාගෙන ගිය වෙලදුන් රැසකට එරෙහිව නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ නෛතික පියවර ගැනිමටත්, ආහාර ද්‍රව්‍යය පිසිමට සුදුසු තත්ත්වයේ තොතිබු උපකරණ කිහිපයක්ද ආපන ශාලාවලින් ඉවත් කිරිමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු කරනු ලැබුවා.

තලවකැලේ නගරයේ මත්ස්‍යය වෙලදසැලක අලෙවි කිරිමට තිබු පරිභෝජනයට නුසුදුසු මත්ස්‍යයින් තොගයක්ද භුමිතෙල් යොදා විනාශ කිරිමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු කරනු ලැබුවා.