Tuesday, April 20, 2021

General line - 0115112241

දංකොටුවෙන් හමු වූ බවුසර් දෙකේ පොල්තෙල්වලත් පිළිකාකාරක

206Views



දංකොටුව ප්‍රදේශයේදි තෙල් මෝලක සඟවා තිබියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රේගුවට භාර දෙන ලද බවුසර් දෙකෙන් ලබාගත් පොල්තෙල් සාම්පලවල ඇෆ්ලටෝක්සීන් නමැති පිළිකා කාරකය අඩංගු බව  තහවුරු වී තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සිදුකළ පරීක්‍ෂණවලදීයි. 

රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සුදත්ත සිල්වා  පැවසුවේ මේ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකට සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකය වෙත යොමු කළ  සාම්පලවලට වාර්තා බලාපොරොත්තුවෙන් සිටින බවයි. 

 

 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here