Friday, April 26, 2024

General line - 0115112241

වෙන්නප්පුවේ හොර වැඩ ඇල්ලූ එරික් පෙරේරා ගෑවුනු තවත් පරීක්ෂණයක්




ඉකුත් සමයේ දැඩි කතා බහට ලක්වූ වත්මන් මීගමුවේ සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරාට අදාලව තවත් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ, රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු විසින් සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා සම්බන්ධයෙන් අමාත්‍ය සරත් වීරසේකරට යවනු ලැබූ බව කියන ලිපියක් සමාජ මාධ්‍ය වෙත නිකුත් වීම සම්බන්ධයෙන්. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා විශේෂ විමර්ෂණ ඒකකය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

වෙන්නප්පුව ආශ්‍රීත ප්‍රදේශයේ නීතී විරෝධි මත්පැන්, සංවිධානාත්මක අපරාධ ඇතුලු විවිධ නීති විරෝධී කටයුතුවලට එරෙහිව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා කටයුතු කළ බවටයි වාර්තා පල වුණේ. කෙසේවෙතත් සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරගේ සේවය දෝෂදර්ශණයට ලක් කරමින් ඔහුව ස්ථාන මාරු කරන ලෙස පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනෙකු ඉල්ලීම් කර තිබුණා. ඒ අනුවයි ඔහු කොළඹ අපරාධ කොට්ඨාශයට මාරු කරනු ලැබුවේ. පසුව ඔහු මීගමුවේ සහකාර පොලිස් අධිකාරීවරයා ලෙස යලි මාරු කෙරුණා.

එරික් පෙරේරාට ලබාදුන් ස්ථාන මාරුව පිටුපස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනෙකු සිටින බවට පළමු වරට වාර්තා කළේ නෙත් නිවුස් කණින් - කොණින් විශේෂාංගයයි‘. නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනින්ද දේශපාලඥයින් විසින් රටේ නීතීයට කරන බලපෑම් පිළිබඳ අනාවරණ කළා.