Friday, April 26, 2024

General line - 0115112241

උත්සව සමයේ බිමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක්




උත්සව සමයේ  බීමතින් රිය පැදවීම හේතුවෙන් සිදුවන රිය අනතුරු වලක්වා ගැනීම සඳහා බීමත් රියදුරන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. ඒ අනුව බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් හෙට පෙරවරු 9 සිට ක්‍රියාත්මක බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ. මෙම විශේෂ මෙහෙයුම පසුදින පෙරවරු 6 දක්වා ක්‍රියාත්මකයි.

කොට්ඨාස භාර නිලධාරීන් විසින් තම කොට්ඨාසයේ ප්‍රධාන මාර්ග සියල්ල ආවරණය වන පරිදි මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කළ යුතු බව පොලිස්පතිවරයා විසින් දන්වා තිබෙනවා. අත්අඩංගුවට ගත් බීමත් රියදුරන් පිළිබඳ සංක්ෂිප්ත වාර්තාවක් කොට්ඨාස මට්ටමින් සකස් කර අප්‍රේල් මස 15 වනදා පෙරවරු 9 ට පෙර ලබාදිය යුතු බවයි පොලිස්පතිවරයා අදාළ නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ.