Friday, April 26, 2024

General line - 0115112241

අමෙරිකාවේ වෙඩි තැබීමකින් 08 දෙනෙකු මරුට




අමෙරිකාවේ ඉන්දියානාපොලිස් නගරයේ පිහිටි ආයතනික ගොඩනැගිල්ලක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් තිබෙනවා. සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ තනි පුද්ගලයෙකු විසින් ස්වයංක්‍රීය ගිනි අවියක් යොදා ගනිමින් එම වෙඩි තැබීම සිදු කළ බවයි.

වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා ද පසුව සියදිවි හානි කරගෙන තිබෙනවා. වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති අතර ඒ අතරින් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. 

වෙඩි තැබීම් හේතුවෙන් පසුගිය වසරේදී පමණක් අමෙරිකාවේ පුද්ගලයින් 43,549 දෙනෙකු මියගොස් තිබෙනවා. ඒ අතරින් 610 දෙනෙකු මියගොස් ඇත්තේ සමූහ වෙඩි තැබීම්වලට ලක් වීමෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.