Friday, April 26, 2024

General line - 0115112241

දිල්හාර ලොකුහෙට්ටිගේට වසර 8 ක ක්‍රිකට් තහනමක්




ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වසර 8 ක ක්‍රිකට් තහනමක් පනවා තිබෙනවා.

ඒ, අයි සී සී දූෂණ මර්දන ආචාර ධර්ම උල්ලංඝණය කළ බවට ඔහුට එල්ල වී ඇති චෝදනාවලට අදාළවයි. අයි සී සීය දිල්හාර ලොකුහෙට්ටිගේට ඉකුත් 2019 වසරේ අප්‍රේල් 03 වනදා සිට තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවූවා. ඒ අනුව අයි සී සීය මගින් ගෙන ඇති නව තීරණය එදින සිට බලපැවැත්වෙනු ඇති.