Friday, April 26, 2024

General line - 0115112241

IS ගැන ලංකාව අවධානයෙන්




අයි.එස්. ත‍්‍රස්තවාදීන්ගේ ක‍්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අංශ අවධානයෙන් කටයුතු කරන බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසනවා.

මෙරට ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග දැනටමත් ගෙන ඇති බවයි ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ.

බංග්ලාදේශයේ ඩකා අගනුවර අවන්හලකට ඉකුත් සිකුරාදා එල්ල වූ අයි.එස්. ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

දකුණු ආසියානු රටකට අයි.එස් ප‍්‍රහාරයක් එල්ල වූ පළමු අවස්ථාව මෙය බැවින් ඒ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව අවධානයෙන් පසුවන්නේදැයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ආරක්ෂක ලේකම්වරයා මේ බව කියා සිටියා.