Friday, April 26, 2024

General line - 0115112241

ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ පොලිස් අත්අඩංගුවට 




ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධවයි. අද පස්වරු 5.30ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ උමාරියා සිංහවංශ පැදවූ මෝටර් රථය සහ තවත් ත්‍රී රෝද රථයක් රාජගිරිය ගුවන් පාලම අසලදී එකිනෙක ගැටී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

අනතුරින් තුවාල ලැබූ ත්‍රී රෝද රථ රියදුරා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
ඔහුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

ඒ අනුව අනතුර සම්බන්ධයෙන් උමාරිය සිංහවංශ පොලිස් අත්අඩංගුවට ගැනුණ අතර ඇය හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

වැලිකඩ පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනවා.