Friday, April 26, 2024

General line - 0115112241

කාන්තාවන් රැකියාවන් සඳහා යොදවා ගැනීමේදී ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය අනිවාර්ය් කිරීමට රජයේ අවධානය




ගෘහ සේවයට හෝ වෙනත් රැකියාවන් සදහා කාන්තාවන් යොදාගැනීමේදී ඒ සදහා ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය අනිවාර්යය කිරීමට රජයේ අවධානය යොමුවී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි 16 හැවිරිදි දැරියක් මියයාමේ සිද්ධියත් සමග බාලවයස්කරුවන් රැකියා සදහා යොදා ගැනීම සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් ඇති වුණා. මෙම තත්ත්වයන්ද සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී නව නීති සම්පාදනය කරන බවයි කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා නෙත් නිවුස් වෙත පැවසුවේ.

බාලවයස්කරුවන් හිංසනයට ලක් කරන පුද්ගලයන්ට දඩුවම් ලබාදීම සදහා නව නීති ගෙනආ යුතු බවද රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත වැඩි දුරටත් පෙන්වා දුන්නා.