Friday, April 26, 2024

General line - 0115112241

පැතිර යන ඩෙල්ටා ප්‍රභේදය තත්පර 15 කදී බොහෝ පිරිසකට ව්‍යාප්ත විය හැකි බවට අනාවරණයක්




මෙරට ව්‍යාප්තව පවතින ඩෙල්ටා කොරෝනා වෛරස් ප්‍රභේදය ඉතා දරුණු බව සෞඛ්‍ය අංශ පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ එම ඩෙල්ටා ප්‍රභේදය තත්පර 15 ක් තුළ බොහෝ පිරිසකට ව්‍යාප්තවීමේ හැකියාවක් පවතින බවයි.

මීට පෙර මෙරට ව්‍යාප්තව තිබූ කොරෝනා වෛරස් ප්‍රභේදය විනාඩි 15 ත් 30 ත් අතර කාලපරාසයකදී තවත් පිරිසකට ව්‍යාප්ත වූ බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.

ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ඉන්දියාව, බි්‍රතාන්‍ය ඇතුළු රටවල් රැසකට බලපෑම් එල්ල කර තිබෙනවා. ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් සෑම දිස්ත්‍රික්කයකින්ම වාර්තා විය හැකි බවටයි මෙරට සෞඛ්‍ය අංශ සදහන් කර තිබුණේ. 

මේ අතර අඛණ්ඩව 5 වන දිනටත් මෙරට දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දෙදහසේ සීමාව ඉක්මවා ගියා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ කොරෝනා ආසාදිතයින් 2,420 දෙනෙකු ඊයේ දිනයේදී මෙරටින් වාර්ත වූ බවයි. 

මේ අතර කුඩා දරුවන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීම ප්‍රමාද කිරීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මෙලෙස අදහස් පළ කළා.