Friday, April 26, 2024

General line - 0115112241

සබරගමුව සහ මධ්‍යම පළාත් ඇතුලු ප්‍රදේශ රැසකට අදත් වැසි




සබරගමුව පළාතේ සහ නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවල අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ද වැසි ස්වල්පයක් ඇති විය හැකියි. ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි අද උදෑසන නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතිනු ඇති. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරුමැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40 ක් 50 ක් දක්වා වැඩිවිය හැකි බවද එම නිවේදනයේ සඳහන්.