මෙරට තරුණ තරුණියකන් දහසකට ජපානයේ කෘෂිකාර්මික ගොවිපළවල රැකියා අවස්ථා ලබාදීමට ජපාන රජය එකගතාව පළ කර තිබෙනවා.
ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජිත් ගුණසේකරගේ මෙහෙයවීම මත ඊට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ඉදිරි දෙසතිය තුළ සිදු කෙරෙන බවයි කෘෂිකර්ම අමාතයංශය පැවසුවේ. ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් සූම් තාක්ෂණය ඔස්සේ අද පවත්වා තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පිරිසක් ඊට එක්ව සිටි බවයි කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.