Friday, April 26, 2024

General line - 0115112241

දරුවන් එන්නත්කරණ ක්‍රමවේදය ගැන පැහැදිලි කිරීමක්




වයස අවුරුදු 12 න් ඉහළ සංකූලතා සහිත දරුවන් එන්නත්කරණය හෙට සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. 

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ දිස්ත්‍රික්ක 3 කදී එම කටයුතු සිදුකරන බවයි.

මෙම දරුවන් එන්නත්කරණයේදී සැලකිල්ලට ගන්නා ප්‍රධාන කරුණ සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා.

මෙලෙස අවුරුදු 12 ත් 19 ත් අතර වයස් කාණ්ඩයේ සංකූලතා සහිත දරුවන් එන්නත්කරණය හෙට ආරම්භ වන්නේ පාසල් ළමුන් එන්නත්කරණ වැඩසටහන ආරම්භ කරමින්. 

නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ සෞඛ්‍ය බලධාරීන් ලබාදී ඇති මාර්ගෝපදේශ අනුව පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළදී පාර්ශව කිහිපයක් සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි‘.