Friday, April 26, 2024

General line - 0115112241

ක්‍රිකට් ක්‍රීඩකයින් තේරීම් ගැන ක්‍රීඩා ඇමතිට පැමිණිලි




ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ සංචිතයට ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී අසාධාරණකම් සිදුව ඇති බවට ක්‍රීඩා අමාත්‍යවරයාට පැමිණිලි කිහිපයක් ලැබී ඇතැයි වාර්තා වනවා. නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වුණේ සංචිතය සදහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී පළාත් තේරීම් කමිටුවලට වඩා පළාත් පුහුණුකරුවන් අනවශ්‍ය ලෙස මැදිහත්වී ඇති බවයි. 

පළාත් පුහුණුකරුවන්ගේ හිතවත්කම් සහ විවිධ වාසි මත තේරීම් තරගවලදී පිතිකරණයේදී හා පන්දු යැවීමේදී යොවුන් ක්‍රීඩකයින් ස්ථානගත කර ඇති බවද වාර්තා වනවා.

වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනීම සදහා ඉකුත් ජූලි මාසයේදී ජෛව බුබුළු සංකල්පය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නේවාසික පුහුණු සංචිතයක් පවත්වනු ලැබුවා. එහිදී ක්‍රීඩකයින් 75 දෙනෙකු අතරින් ක්‍රීඩකයින් 26 දෙනෙකු සංචිතය සඳහා තෝරා ගැනීමටයි කටයුතු කර ඇත්තේ. 

මෙම තෝරා ගැනීම්වලදී දක්‍ෂතා සහිත ක්‍රීඩකයින්ට නිසි අවස්ථාව නොලැබුණු බවටයි ඔවුන්ගේ දෙමව්පියන් ක්‍රීඩා අමාත්‍යවරයාට පැමිණිලි කර ඇත්තේ. 

මෙලෙස ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් සංචිතය තෝරා ගැණුනේ එළඹෙන යොවුන් ක්‍රිකට් ලෝක ශූරතා තරගාවලිය ඇතුළු ඉදිරි වයස අවුරුදු 19 න් පහළ තරග ඉලක්ක කර ගනිමින්.