Friday, April 26, 2024

General line - 0115112241

හර්ෂාල් පටෙල්ගෙන් කඩුළු ත්‍රිත්වයක්




අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති තරගයකදී කඩුළු ත්‍රිත්වයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ හර්ෂාල් පටෙල් සමත්වුණා. 

ඒ, මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරණ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිවයි. 

එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුළු 6 ක් දැවී ලකුණු 165 ක් රැස්කළා. 

එම ඉලක්කය හඹා ගිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පන්දුවාර 18 යි එක් පන්දුවක් අවසානයේ සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 111 ක් පමණයි. 

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ හර්ෂාල් පටෙල් කඩුළු ත්‍රිත්වයත් සමගින් කඩුළු 04 ක් බිඳ හෙලීමට සමත් වුණා. ඔහුගේ කඩුළු ත්‍රිත්වයට ගොදුරු වූයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ කිරන් පොලාඩ්, හර්දික් පාන්ඩ්යා සහ රාහුල් චහාර්.