Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පාපන්දු වීරයන් දිවයිනට




මාලදිවයිනේ පැවති දකුණු ආසියානු පාපන්දු තරගාවලියට එක්වූ සුජාන් පෙරේරා ප්‍රමුඛ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ඊයේ  (12) පස්වරුවේ දිවයිනට පැමිණියා.

කලකට පසු ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ දස්කම් මෙවර තරගාවලියේදී දක්නට ලැබුණු අතර නායක සුජාන් පෙරේරාගේ දැල් රැකීම විශිෂ්ට මට්ටමක පැවති බවයි ක්‍රීඩා විචාරකයින් පැවසුවේ. අනුමත කල නොහැකි විනිසුරු තීරණ හේතුවෙන් ශ්‍රී ලංකා පිලට යම් අසාධාරණද මෙම තරගාවලියේදී අත්විදීමට සිදු වුණා.

වසර 18 පසු ඉන්දියාව සමග පැවති තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට මෙවර ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට හැකිවීම විශේෂත්වයක්.

පාපන්දු ශ්‍රේණිගත කිරීම් වල 107 වන ස්ථානයේ පසුවන ඉන්දියාවට ගෝල රැස් කිරීමට අවස්ථාව ලබා නොදී එම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය පරාජයෙන් තොරව අවසන් කිරීම කැපී පෙනුනා.