Friday, April 26, 2024

General line - 0115112241

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයේ දී




2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයේ දී පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සලය තීරණය කළ බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය  පවසනවා. ඊයේ ඩුබායිහී දී පැවැති එම කවුන්සලයේ විධායක කමිටු රැස්වීමේ දී මෙම තීරණය ගත් බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති රමීස් රාජා සදහන් කළේ.

 ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපති, ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම් ජයි ෂාහ්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වුණා. ලබන වසරේ දී ආසියානු කුසලාන 20යි 20 තරගාවලියක් ද පැවැත්වීමට නියමිතව ඇති අතර, එය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතයි. 

අවසන් වරට ආසියානු කුසලාන තරගාවලියක් පවත්වනු ලැබුවේ 2018 වසරේ දී යි. කොරෝනා වසංගතයත් සමග ඇති වූ තත්ත්වයන් මත අනතුරුව ආසියානු කුසලාන තරගාවලියක් පැවැත්වීමට හැකි වූයේ නැහැ.