Tuesday, March 19, 2024

General line - 0115112241

පකිස්තානයේදී ඝාතනය කෙරුණු ශ්‍රි ලාංකියාගේ පවුලට රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකරගෙන් පොරොන්දුවක් 




පකිස්තානයේදී ම්ලේච්ඡ අයුරින් ඝාතනය කෙරුණු ශ්‍රි ලාංකියාගේ මරණය හේතුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයින්ට සිදුවූ ආසාධාරණය වෙනුවෙන් කළ හැකි සෑම සහනයක්ම ලබාදෙන බව විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න පවසනවා. 

ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් කටයුතු කරමින් සිටින බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. 

පකිස්තානයේ සිටින සෙසු ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව ද තහවුරු කරන ලෙස  එරට මහ කොමාරිස්වරයාට රාජ්‍ය අමාත්‍යවරයා විසින් දැනුම් දුන් බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය සඳහන් කළේ. 

ඝාතනය කෙරුණු ශ්‍රී ලාංකිකයාගේ සිරුරේ කොටස් හෙට දිනයේ දිවනියට රැගෙන ඒමෙන් පසු මීගමුව රෝහලේදී පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට නියමිත බව  ඔහු සඳහන් කළා. 

මෙම ඝාතනය සම්බන්ධයෙන් පකිස්තාන පොලීසිය මේවනවිට පුද්ගලයින් 120 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.